අගමැතිට ඉවත් වෙන්න කියූ කතා බොරුලු

බැඳුම්කර සිද්ධිය නිසා අගමැතිවරයාට කෙටිකාලයකට එම ධුරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා පැවසූ බවට කරන ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිඛෙනවා.

පසුගිය දා ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මංගල සමරවීර, කබීර් හෂීම් හා මලික් සමරවික‍්‍රම යන ඇමැතිවරුන් හමුවේ ජනාධිපතිවරයා මෙම අදහස් පල කළ බවයි.

එහෙත් සමරවීර අමැතිවරයා පවසන්නේ එවැනි හමුවීමක් ජනාධිපතිවරයා සමඟ නොතිබූ බවත්, එසේ ඉල්ලීමක් නොකළ බවත්ය.

එහෙත් පසුව මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයාට හිතවත්ව සිටින නිලධාරියකු මෙම ප‍්‍රචාරණ ගෙන ගිය බවයි. කෙසේ වෙතත් මේ වන විට හෙළිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේම ප‍්‍රබල මන්ත‍්‍රීවරයකු එම ප‍්‍රචාරය සඳහා තොරතුරු ලබා දී ඇති බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *