අගමැතිට එරෙහිවූ ශ්‍රීලනිප ඇමතින් නෙරපිය යුතුයි / ජේ සී කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වසභංගයේදී ඊට පක්ෂව ජන්දය භාවිතා කළ නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට තවදුරටත් අමාත්‍ය ධූර දැරීමේ කිසිදි සදාචාරාත්මක අයිතියක් නොපවතින බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාධ්‍යවෙත අදහස් දක්වමින්.
අග්‍රාමාත්‍යවරයා පරාජයට පත් කිරීමට උත්සාහ දරා යළිත් අග්‍රාමාත්‍යවරයාගේ රජයේ අමාත්‍ය ධූරයක් දැරීමට එම පිරිස්වලට ඇති අයිතිය කවරක්දැයි විමසා සිටින බවයි අලවතුවල මහතා කියා සිටියේ,
2015 ජනාධිපතිවරණයේදී රට වෙනුවෙන් එක්සත් වූ සියලු බලවේග යළි එක්ව සිටින බැවින් රජය තුල සිට සිදුකිරීමට තැත් කරන මන්ත්‍රණ හා ඊට සම්බන්ධ පිරිස් නෙරපීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු අවධාරණය කරනවා.
ඒ අනුව වහා ඉල්ලා අස් නොවන ,විශ්වාසභංගයේදී ඊට පක්ෂවූ ශ්‍රීලනිප ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය කඩාකප්පල්කාරීන්ට පාරා වලල්ලක් බවට පත්ව ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා අවධාරණය කළා.