You are here
Home > ප්‍රධාන-පුවත් > අගමැතිට එරෙහිවූ ශ්‍රීලනිප 16 -19 වෙනිදා විපක්ෂයට

අගමැතිට එරෙහිවූ ශ්‍රීලනිප 16 -19 වෙනිදා විපක්ෂයට

ශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් දහසය දෙනා, තව දුරටත් එම පදවිවල රැඳී සිටීම සදාචාරමය නොවන හෙයින් මීලඟ පාර්ලිමේන්තු දිනයේ දී විපක්ෂයේ අසුන් ගන්නා බව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා බී බී සී සිංහල සේවයට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

“අපි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. එහෙම කළේ විශ්වාසභංග යෝජනාවට ඇතුළත් චෝදනාවලින් එකොළහක්ම බැඳුම්කරය සම්බන්ධයෙන් අප පක්ෂය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ වීම නිසා. අපි අගමැතිතුමාට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. ඒ නිසා අපි ඇමතිකම් දැරීමට අකැමැති බවත් ඉන් ඉවත් වීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් මීට දින කීපයකට පෙර ජනාධිපතිතුමාට ලිපියක් භාර දුන්නා”

අපි කණ්ඩායම ලබන දහනව වෙනිදා විපක්ෂයේ වාඩි වෙනවා. ඒත් අපේ සමස්ත බලාපොරොත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඉවත් වුනොත් වඩා වැදගත් කියන එකයි” “

නැහැ, යළි ඇමති ධූර අපි භාර ගන්නේ නැහැ. අපේ තීන්දුවේ වෙනසක් නැහැ”” නායකතුමාට අපේ ස්ථාවරය ලිපියකින් දැනුම් දීලා තියෙනවා. ජනාධිපතිතුමා එහෙම කරන්නේ නැහැ. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරන කෙනෙක්. ඔහු තනි බලයට කටයුතු කරන්නේ නැහැ. අපට හොඳින් ඇහුන්කන් දෙනවා”


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top