අගමැති රනිල්මයි / ශ්‍රීලනිපය විපක්ෂයට /දේශපාලන වාර්තා කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුහුණදී සිටින අර්බුදය තේරුම්ගෙන සන්සුන්ව කටයුතු කරන ලෙසත්, සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඇතුළු ශ්‍රීලනිපය විපක්ෂයට යනබවත්, ලබන බ්‍රහස්පතින්දා නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දෙන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඒ මහතා හමුවීමට පැමිණි තරුණ මන්ත්‍රීවරු පිරිසකට පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිසි පියවර ගත යුතු බව මෙහිදී පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාට පවසා ඇති අතර එහිදීයි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කර ඇත්තේ.

ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට මේ මොහොතේ හැකියාවක් නොමැති බැවින් නිදහස් පක්ෂය තුල යම් අර්බුධයක් ඒ හරහා හටගත හැකි බවටයි අදහස් පලවන්නේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.