අගමැති හෙට ඉන්දියාවට

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ  මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා හෙට  දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිඛෙනවා. නවදිල්ලියේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡාවන්ට සහභාගී වන වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම් නාත් කෝවින්ද් මහතා හමුවීමට ද නියමිතයි. 23 වන දා නවදිල්ලියේ එරොසිටි හි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද වික්‍රමසිංහ මහතා සහභාගී වනු ඇති.

මෙවර සමුළුවේ තේමාව වනුයේ “සැමට සයිබර් : තිරසර සංවර්ධනය සඳහා ආරක්‍ෂිත හා පරිපූර්ණ සයිබර් අවකාශයක්” යන්නයි. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි ඇතුලු පිරිසක් මෙම සංචාරයට එක්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *