අගමැති හෙට ජර්මනියට – 9 වනදා ෆින්ලන්තයට

Banner

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා හෙට ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතයි.

ජර්මනියේ – බර්ලින් නුවර සිදු කරන සංචාරයෙන් අනතුරුව අග්‍රමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා ලබන 09 වනදා ෆින්ලන්තයට යාමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ.
ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීම සහ වෙළෙඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීමේ අරමුණින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ නිරත වන බව සඳහන්.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් සහ නිලධාරීන් පිරිසක් අග්‍රමාත්‍යවරයාගේ ෆින්ලන්ත නිල සංචාරයට එක්වීමට නියමිතයි.

Banner