අඩි 80 ක මුහුද රැළි සමග ෆ්ලෝරන්ස් අමෙරිකාවට කඩා වදී

ෆ්ලෝරන්ස් සුළි කුණාටුව මේ වන විට ප්‍රබලත්වය අවම වෙමින් අමෙරිකාව තුල හමා යමින් පවතිනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ උතුරු හා දකුණු කැරොලිනා ප්‍රාන්තවලට මෙයින් දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි.
පැයට කිලෝමීටර 150ක වේගයකින් සුළං යමා යමින් පවතින අතර ආසන්න මුහුදු කලාපවල අඩි 80 ඉක්මවන රැළි මතුව තිබූ බවද එම වාර්තාවේ සදහන්.
මේ වන විටත් එම ප්‍රාන්තවල නිවාස 100,000 කට විදුලි සැපයුම බිදවැටී තිඛෙනවා.
උතුරු හා දකුණු කැරොලිනා ප්‍රාන්ත මෙන්ම වර්ජිනියා හී ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ප්‍රදේශවලින් ඉවත්වීමට උපදෙස් දී තිබූ අතර මේ වන විට එම ප්‍රදේශවලට අධික වැසි සමග ගංවතුර අවධානමක්ද මතුව තිඛෙනවා.
ලබන සදුදා දිනය තෙක්ම සුළි කුණාටුව අමෙරිකාව තුල පවතිනු ඇති බවයි ප්‍රකාශවී ඇත්තේ.
ඒ අනුව විශේෂ නිවේදන එලෙසම පිළිපදින ලෙස අමෙරිකානු ජය එරට ජනතාවගෙන් ඉල්ලා තිඛෙනවා.