You are here
Home > ආසන්න-පුවත් > ගාමීණී සෙනරත්ව අත්අඩංගුවට ගන්න එපාලු

ගාමීණී සෙනරත්ව අත්අඩංගුවට ගන්න එපාලු

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානී ගාමිණි සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිඛෙනවා.
රුපියල් කෝටි හතරක රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ගාමිණි සෙනරත් මහතාට විදෙස් ගමන් තහනම් කිරීමටයි අධිකරණය පියවර ගෙන ඇත්තේ.
මේ දක්වා ඔහු අධිකරණයට ඉදිරිපත් නොවී සැගවී සිටිනවා.
තමන් අත්අඩංගුවට නොගන්නා නියෝගයක් නිකුත් කරනු ලැබුවහොත් තමන් රටින් පිටව නොයන බවද ගාමිණි සෙනරත් මහතා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිඛෙනවා.
පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සහ නීතීපති නම් කොට කර තිඛෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top