අත්සන් 55 ක් සමග විශ්වාසභංගය භාර දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදී තිබෙනවා.
ඒ මන්ත්‍රීවරුන් 55 දෙනකුගේ අත්සන් සහිතවයි.
මේ සදහා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක්ද අත්සන් තබා ඇති අතර කිසිදු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු මෙතෙක් ඒ සදහා අත්සන් තබා නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ.
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ද ඊට සහාය දෙනු ඇතැයි මන්ත්‍රීවරයා විශ්වාසය පල කළා.