අතුරුදන්වූ කාන්තාවක් පිඹුරෙක් ගිලලා


ඉන්දුනීසියාවේ මූනා දූපතේ දී අතුරුදන්ව සිටි කාන්තාවක් දැවැන්ත පිඹුරකු විසින් ගිල දමා ඇති බව අනාවරණවී තිබෙනවා.
ඒ එම පිඹුරාගේ සිරුර තුලින් අතුරුදන්වූ කාන්තාවගේ සම්පූර්ණ සිරුර හමුවීම සමගයි.
54 හැවිරිදි කාන්තාවක් මෙසේ අතුරුදන්ව තිබුණේ ඇයගේ ගෙවත්තේ වගා කටයුතු සිදුකරමින් සිටියදීයි.
පසුව සිදුකළ සොයා බැලීම්වලදී ආසන්න ප්‍රදේශයෙන් අඩි 23ක් දිග පිඹුරකු සොයා ගෙන තිබුණා.
එම පිඹුරා මරා උදරය කපා සිදුකළ පරීක්ෂාවේදී අතුරුදන්වූ කාන්තාවගේ සිරුර සොයාගත් බවයි ඉන්දුනීසියානු පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් එම ගෙවත්ත ආශ්‍රීත කලාපයේ සතුන් වාර්තා නොවන බැවින් පිඹුරකු පැමිණියේ කෙසේද යන්න සැක සහිත බවටද වාර්තා පලව තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.