අතුරුදන්වූ දැරියක් වසර 24කට පසු හමුවෙලා

වසර 24 කට පෙර අතුරුදන්වූ දියණියක් හා ඇයගේ දෙමාපියන් අද චීනයේදී යළි මුණ ගැසී තිබෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ චෙන්ග්ඩු හී වාසය කළ මෙම දැරිය සිය පියාගේ පලතුරු වෙලදසැල ඉදිරිපිටදී අතුරුදන්ව තිබූ බවයි.
පසුව ඇයගේ දෙමාපියන් චීනය පුරා යමින් සිය දියණිය සොයා ඇති බවද එම වාර්තා හෙලිකරනවා.
එහිදී ඔවුන්ගේ දියණිය බවට සැක මතුවූ තරුණියන් රැසක්ම ඩී එන් ඒ පරීක්ෂාවන්ට ලක් කළද එම ඩී එන් ඒ දෙමාපියන් සමග සැසදී තිබුණේ නැහැ.
මේ අතර චීනයේ සමාජ මාධ්‍ය ගිණුමක දැරියගේ පියා විසින් ඇයගේ ජායාරූප කිහිපයක් ප්‍රචාරය කර තිබූ අතර අද තරුණියක වන ඇය එම ජායාරූප දැක සිය පියා සමග අදහස් හුවමාරු කරගෙන තිබුණා.
පසුව සිදුකළ ඩී එන් ඒ පරීක්ෂාවකින් පසුවයි මෙම තරුණිය හා දෙමාපියන් යලි හමුව තිබුණේ.
එය කදුලින් පිරුණු ආදරණීය හමුවක් බවද බී බී සී වාර්තාකරු සදහන් කරනවා.
අද වන විට ඇය 27 වන වියේ පසුවන අතර ඇය එක්දරු මවක්ද වනවා.

Kang Ying and her mother Liu Dengying hug after being reunitedPicture of Wang Mingqing and a missing persons flier

Kang Ying and her family at the airport

Kang Ying holding flowers, surrounded by her familyA picture of QifengKang Ying's younger sister holds up Kang Ying's daughterKang Ying, Wang Mingqing and the rest of her family gather for a family photo