අද විශ්වාසභංගයත් ජනපති ප්‍රතික්ෂේප කළා/ ලක්ෂ්මන් යාපා කියයි

අද පාර්ලිමේන්තුවේදී පැවැත්වූ විශ්වාසභංග ජන්ද විමසීම ජනාධිපතිවරයා විසින් පිළි නොගන්නා බව ප්‍රකාශ කළේ යැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ජාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එය නියමිත ක්‍රමවේදයෙන් තොරව පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ජනාධිපතිවරයා පැවසූ බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් නොකරන බවත් , ඉදිරි දින කිහිපයේදී බහුතරය පෙන්වීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා දැනුම්දුන් බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කළේ.