අද සිට මිල අඩුවන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්න

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සදහා වන බදු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට රජය තීරණය කර තිඛෙනවා.මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේ අයවැයට පෙර මෙම සහනය ජනතාවට ලබාදීම මෙහි අපේක්ෂාව බවයි.
මේ අදාළ බදු පහත හෙළීම සිදුව ඇති ආකාරයයි.
1. ආනයනික ලොකු ළුණු හා අර්තාපල් සදහා වන බද්ද රුපියල් 39 කින්
2. පරිප්පු සදහා වන බද්ද කිලෝවක් සදහා රුපියල් 12 කින්
3. කරවල සදහා වන බද්ද රුපියල් 50කින්
4. එලවලු තෙල් හා පොල් තෙල් වෙනුවෙන් වන බද්ද රුපියල් 25කින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *