You are here
Home > ආසන්න-පුවත් > අද හෝ හෙට පෙට්‍රල් / ඩීසල් මිල ඉහළට

අද හෝ හෙට පෙට්‍රල් / ඩීසල් මිල ඉහළට

මෙරට පෙට්‍රල් හා ඩීසල් මිල ඉදිරි දින කිහිපය තුල නිසැක වශයෙන්ම ඉහල යන බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව පෙට්‍රල් හා ඩීසල් මිල ඉහල නැංවීම සිදුකරන ආකාරය පිළිබද අවසන් තීන්දුව ලබා ගැනීම සදහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී විශේෂ සාකච්ජාවක්ද පවත්වා ඇති බව සදහන්.
මේ වන විට ඛණිජ තෙල් සංස්ථාව දැවැන්ත මූල්‍ය අර්බුධයකට මුහුණපා තිබෙනවා.
ඒ අඩු මිලක් යටතේ ඛනිජ තෙල් දිගින් දිගටම සැපයීම හේතුවෙනුයි.
ඒ අනුව සැලකිය යුතු මිලකින් පෙට්‍රල් හා ඩීසල් මිල ඉහල නැංවීමේ තීරණය අද හෝ හෙට ප්‍රකාශවනු ඇති බව අදාළ වාර්තා හෙලිකරනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top