අධිකරණය මගහැර සිටි නේවි සම්පත් අත්අඩංගුවට

2008 වසරේ අගෝස්තු හා සැප්තැම්බර් අතර කාලසීමාව තුළදී දෙමළ, මුස්ලිම් හා සිංහල තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන නේවි සම්පත් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අධිකරණය විසින් සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණද ඔහු මෙතෙක් අධිකරණය මග හැර සැගවී සිටියා.

මෙම සිද්ධියට අදාළව මීට පෙර කොමදෝරු, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක, නාවික හමුදා බුද්ධි අංශයට සම්බන්ධව කටයුතු කළ ලුතිනන් කමාන්ඩර්වරුන් වන නිලන්ත සම්පත් මුණසිංහ, පේලිගේ සුමිත් රණසිංහ, බළනැවි ලක්‍ෂ්මන් උදය කුමාර, කස්තුරිගේ ගාමිණී ,තුෂාර මෙන්ඩිස් ,නාවික හමුදා සෙබළුන් වන නලීන් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, කංකානම් පතිරන්නැහැලාගේ කිත්සිරි යන අය අත්අඩංගුවට ගනු ලැබුවා.