You are here
Home > උණුසුම් පුවත් > අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ගෝඨාභය ඇතුලු 7කට නියෝග

අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ගෝඨාභය ඇතුලු 7කට නියෝග

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 7 දෙනකුට සැප්තැම්බර් 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.
ඒ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සදහා මහජන මුදල් භාවිතා කළ බවට එල්ලවී ඇති චෝදනාවට අදාළවයි.
සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන්ව ඇති අතර සම්පූර්ණ වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අද අධිකරණයට වාර්තා කළා.

Top