අන්තවාදීන් ගිනි තැබූ මුස්ලිම් හෝටලය සිංහල මිතුරන් දවසින් හදලා

අන්තවාදීන් කීපදෙනකු විසින් අද අළුයම ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව ‘මදීනා’ හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු කටයුතු කර තිබෙනවා.

අළුයම 2.15 ට පමණ හෝටලයට ගිනිතබා ඇත්තේ හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් බව සැලකෙන අතර ඔවුන් මේ වන විටත් හදුනාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

කිසියම් පිරිසක් හෝටලයට ගිනි තබා එය විනාශ කළත් වහා එහි පැමිණි ප්‍රදේශයේ සිංහල ජනතාව හා ව්‍යාපාරිකයින් එක්ව පස්වරු 5 වන විට හෝටලය යලි යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණේ දැඩි කැපවීම හේතුවෙනුයි.

ගින්නෙන් ඇති වූ අලාභය ස්ථිර වශයෙන් තක්සේරු කර නැහැ.
එහෙත් එහිදී ලක්ෂ 50 ක පමණ අලාභයක් සිදුව ඇති බව දැක්වෙනවා.

ඒ අතරවාරයේ එම ස්ථානයට රැස් වූ සියලු ජන කොටස්වල මැදිහත්වීමෙන් ‘ආනමඩුව වෙළද සංගමය’ මෙම ස්ථානය යලි යථා තත්ත්වයට පත් කිරීම දැඩි ඇගයීමට ලක් කර තිබෙනවා.