අනාචාරය වරදක් නොවේ / පෙරළිකාර නඩු තීන්දුවක්

අනාචාරයේ හැසිරීම දඩුවම් ලැබිය හැකි අපරාධමය වරදක් නොවන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබෙනවා.
ඒ අනාචාරයේ හැසිරීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස ඉන්දීය කාන්තාවන්ට එරෙහිව පැවැති යටත් විජිත යුගයේ සිට පැවත ආ නීතියක් සංශෝධනය කරමිනුයි.
මේ දක්වා ඉන්දියාව තුල කාන්තාවන්ට අනාචාරයේ හැසිරීම හේතුවෙන් වසර 5ක සිර දඩුවම් ලබාදීමක් ක්‍රියාත්මක වුණා.
මෙය ලිංගිකත්වය පදනම් කර ගනිමින් ලිංග භේදය මුල් කර ගනිමින් කාන්තාවන්ට එරෙහි පැවති නීතියක් බවටයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුවන් කරුණු දක්වා තිබුණේ.
ඒ අනුව මසක් තුල ඉන්දීය අධිකරණය ලබාදුන් දෙවන ආන්දෝලනාත්මක තීන්දුව මෙයයි.
මීට පෙර සමලිංගිකත්ව අපරාධමය වරදක් නොවන බවටද පසුගියදා එරට අධිකරණය තීන්දුවක් ලබාදී තිබුණේ දැඩි ආන්දෝලනයක් ඇති කරමිනුයි.

Image result for Adultery