අනුරගේ කෝටි ගණනක බූදලය චන්ද්‍රිකාට හා සුනේත්‍රාට ඛෙදෙයි

අන්තිම කැමති පත්‍රයක් නොතබා මියගිය හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ බූදලයේ හිමිකම් නීත්‍යානුකූලව ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (කොලඹ දිසා අධිකරණයට පැමිණියා.

2008 මාර්තු 16 දින මියගිය අනුර බණ්ඩාරනායක මහතාගේ බූදලයේ එකම උරුමක්කරුවන් තමන් හා තම සහෝදරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බව පවසමින් ‍සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය පැවරූ බූදල් නඩුවේ හිමිකම් ලබාගැනීමටයි හිටපු ජනපතිනිය මෙසේ අධිකරණයට පැමිණ සිටියේ.

අන්තිම කැමති පත්‍රයක් ලියා තබා නැති බණ්ඩාරනායක මහතා සතුව රුපියල් 1,183,830,735.12ක මුදලක් හා තවත් බූදල් වත්කම් තිබූ බවත් එහි උරුමය තමන් හා සහෝදරිය වෙත පවරන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය 2009 ජනවාරි 30 දින මේ නඩුව ගොනුකර තිබුණා.

පසුව බණ්ඩාරනායක මහතාගේ රියදුරු ආරක්ෂක ඇතුළු සමීපව කටයුතු කළ පුද්ගලයින් සිව්දෙනෙක් කියා සිටියේ බණ්ඩාරනායක මහතා අන්තිම කැමති පත්‍රයක් ලියා තිබූ බවත් එහි ඡායාස්ථ පිටපත් තමන් සතුව ඇති බවත්ය.

ඊට විරෝධතා ගොනු කළ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අන්තිම කැමති පත්‍රය යැයි කියන ලේඛනයක් බණ්ඩාරනායක මහතා ජීවත්ව සිටියදීම විනාශ කළ බවයි. ඒ අනුව අතරමැදි පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් අධිකරණය විසින් ඉවත දමනු ලැබුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial