අපේක්ෂකයන් 62 ක් දින්නත් මන්ත්‍රී අසුන අහෝසියි ?

අද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් 62 නකු මැතිවරණයෙන් ජය ලැබුවද ඔවුන්ගේ ආසන අහිමිවන තත්ත්වයක් නිර්මාණයවී තිඛෙනවා.
ඒ අදාළ අපේක්ෂකයින් මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබීම හේතුවෙනුයි.
ඒ අනුව යම් අපේක්ෂකයකු මැතිවරණයෙන් ජය ලැබුවද ඔහු අධිකරණයෙන් වරදකරු කළහොත් ජන්ද අයිතිය මෙන්ම මන්ත්‍රී ධූරයද අහිමිවීමට නියමිතයි.එම පිරිස්වලට අදාළ චෝදනා වන්නේ.

අල්ලස් දී ඡන්දය ලබා ගැනීමට උත්සාහ කිරීම

ඡන්දය මුදලට ලබා ගැනීමට කටයුතු කිරීම කූඨ ලේඛන සකස් කිරීම

ඡන්ද කාඩ්පත් හා ජාතික හැඳුනුම්පත් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීම

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පහර දීම් බැණ තර්ජනය කිරීම් පහර දීම්