අමල් පෙරේරා / මදූෂ් හා නාලක සිල්වාගේ සබදතා ගැන විමර්ෂණයක්

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධූෂ් / ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වූයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පරීක්ෂණය ජාත්‍යන්තර පොලීසිය හරහා සිදුකරන බවයි මෙහිදී අධිකරණයට වාර්තා කෙරුණේ. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට වාර්තා කළා.

2016 වසරේදී ගායන ශිල්පි අමල් පෙරේරා හා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර යම් ගණුදෙනුවක් පැවැති බවටයි මෙහිදී අනාවරණ කර ඇත්තේ.