අමෙරිකාවේ වෙඩි තැබීම්වලින් 900ක් මරුට / 2200කට තුවාල

මෙම මාසය තුල පමණක් අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 900 දෙනකු මිය ගොස් තවත් දෙදහසක් තුවාල ලබා ඇති බව අනාවරණවී තිඛෙනවා.
පී ටී අයි පුවත් සේවය වාර්තා කළේ දින 25ක කාලයක් තුල මෙම ඝාතන හා තුවාල සිදුකිරීම් වාර්තාවී ඇති බවයි.
මෙහිදී වෙඩි තැබීමේ සිද්ධීන් 400ක් අමෙරිකාවෙන් වාර්තාවී තිඛෙනවා.
මෙම තත්ත්වය ආරම්භවී තිබුණේ ඔක්තෝබර් පලමුවනදා රාත්‍රීයේ ලාස් වේගාස් හී සංගීත ප්‍රසංගයකට එල්ලවූ ප්‍රහාරය සමගයි.
එහිදී පමණක් 58 දෙනකු මියගොස් 525 දෙනකු තුවාල ලැබුවා.
ඉන් අනතුරුව අමෙරිකාවේ වෙඩි තැබීමේ රැල්ලක් නිර්මාණයවී ඇති බවයි හෙළිව ඇත්තේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial