අමෙරිකාව ලංකාවට දුන් අපනයන තීරු බදු සහනය නවතා දමයි

ශ්‍රී ලංකාව ඇතුලු රටවලට ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය කිරීමේදී ලබාදුන් GSP තීරු බදු සහනය ලබන 31 වන දායින් පසු ඉවත් කිරීමට තීරණය කර තිඛෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, මෙම වර්ෂය සඳහා කටයුතු කල් තැබීමට පෙර අමෙරිකානු කොංග්‍රසය GSP වැඩසටහන නැවත බලාත්මක නොකළ බවයි.

GSP අවසන් වීමේ ක්ෂණික බලපෑම වන්නේ, ශ්‍රී ලංකාව හා ප්‍රතිලාභ ලැබූ අනෙකුත් රටවලින් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ 2018 ජනවාරි‍ 01 වන දා සිට වරණිය නොවන තීරු බදුවලට යටත්වීමයි.

මෙරට ප්‍රමුඛතම භාණ්ඩ අපනයනය කරන රට අමෙරිකාව වන අතර 2016 වර්ෂයේදී අමෙරිකාව ඩොලර් බිලියන 2‍.8 ක වටිනාකමින් යුත් භාණ්ඩ මෙරටින් ආනයනය කර තිබුණා.
පසුගියදා ජෙරුසලම සම්බන්ධයෙන් ජගත් මහා මණ්ඩලය හමුවේ අමෙරිකාවට එරෙහිව ජන්දය භාවිතා කළ රටවලට ලබාදෙන සහන හා ආධාර කපා හරින බවටයි අමෙරිකාව දැනුම්දී තිබුණේ.ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *