අයර්ලන්තයේ මංගල ටෙස්ට් ශතකය කෙවින් ඕ බ්‍රයන්ට

සිය මංගල ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමාවන විට පරාජයෙන් බේරීමේ සටනක නිරතව සිටි අයර්ලන්තය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 319 ක් රැස් කර සිටියා.
අයර්ලන්තය වෙනුවෙන් මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ කෙවින් ඕ බ්‍රයන් නොදැවී ලකුණු 118 යි.
පකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් අමීර් කඩුලු 3ක් දවාගත්තා.
අයර්ලන්තය පලමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 130ක් පමණයි.
එහිදී වැඩිම ලකුණු ලාභියාවූ කෙවින් ඕ බ්‍රයන් ලකුණු 40ක් ලබාගත්තා.
මොහොමඩ් අබ්බාස් කඩුලු 4ක් දවාගත්තා.
පකිස්ථානය පලමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 320ක් රැස් කළා.
ෆහීඩ් අෂ්රෆ් ලකුණු 83 යි.