අරණායක සභාපති ජන්දයේදී අල්ලස් ගත් මන්ත්‍රීණිය කට අරී-Audio

අරණායක ප්‍රාදේශී්‍ය සභාවේ සභාපති ධූරය තෝරා පත් කර ගැනීමේ රහස්‍ය ජන්ද විමසීමේදී තමන් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ලබාදුන් ලක්ෂ 2ක මුදලක් ලබාගනිමින් පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට එරෙහිව ජන්දය භාවිතා කළ බව එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් අද ප්‍රකාශයක් සිදුකළා.
ඉරේෂා මධුෂානි නම් එම මන්ත්‍රීවරිය සදහන් කළේ එම මුදල් අද දිනයේදී යළිත් අදාළ පාර්ශවය වෙත යොමුකළ බවයි.
පොදුජන පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහාය දීමට සූදානමින් සිටියද අවසානයේ තමන් පමණක් ජන්දය ලබාදී ඇති බවයි ඇය අනාවරණ කළේ.

කෙසේ වෙතත් අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් සෙනවිරත්න මහතා කියා සිටියේ අදාළ චෝදනා අසත්‍ය බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියේදී වඩාත් පැහැදිලිව පෙනෙන්නේ අල්ලස් ලබාගත් මන්ත්‍රීවරිය ඒ පිළිබද අවබෝධයකින් එම අල්ලස ලබාගෙන ජන්දය භාවිතා කිරීමද සිදුව ඇති බවයි.මේ වන විට ඇය කවර අදහසක් පලකළද ඇයද නීතිමය වරදක් සිදුකර ඇති බවයි නීතීවේදීන් පැහැදිලි කරන්නේ.

ඊයේ දිනයේදී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අණාවරණ කළේ බොහෝ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් මේ ආකාරයෙන් අල්ලස් ලබාගෙන සිටින බවයි.
කෙසේ වෙතත් මෙසේ අල්ලස් ලබා ගැනීම හා අල්ලස් ලබාදීම බරපතල වරදක් වන බැවින් මෙම දෙපාර්ශවයටම එරෙහිව පියවර ගත යුතු බවයි අල්ලස් කොමිසම අවධාරණය කරන්නේ.