අර්ජුනගෙන් අරවින්දගෙන් ක්‍රිකට් භක්ෂකයන්ට පිළිතුරු – Audio

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු විසින් තමන් පිළිබද සිදුකළ ප්‍රකාශ පදනම් විරහිත බව ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක හා උපනායක ධූරයන් දැරූ අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා යන මහත්වරුන් ඊයේ අවධාරණය කළා.
ඒ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා යන ක්‍රීඩකයින් මුල්වරට තරග පාවාදීමේ චෝදනා ලැබූවන් බවට පසුගියදා මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.
එහෙත් එම චෝදනාව පිළිබද පරීක්ෂණ සිදුකර තමන් එයින් නිදහස් කරන ලද බවයි මෙම සුපිරි ක්‍රීඩකයින් දෙදෙනා අවධාරණය කළේ.

මීට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රාජ නීතිඥ ඩෙස්මන්ඩ් ප්‍රනාන්දුගේ මුලිකත්වයෙන් පරික්ෂණයක් පැවැත්වු අතර එහිදී අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා නිදොස් කොට නිදහස් කළ බවයි ක්‍රිකට් ආයතනයේ වාර්තාවන්ද තහවුරු කරන්නේ.

මේ එහිදී අදහස් දැක්වූ අරවින්ද ද සිල්වා මහතා.

මෙහිදී අදහස් දැක්වූ හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ තමන්ට මෙතරම් මුදලක් අවශ්‍යනම් ඒ අවදියේ වෙළෙඳ දැන්වීමකට පෙනී සිට තමන්ට එය ලබාගත හැකිව තිබුණු තිබූ බවයි. එබැවින් මෙම චෝදනා පදනම් විරහිත බවද ඔවුන් අවධාරණය කළා.