අර්ජුන් මහේන්ද්‍රන්ටත් ඇලෝසියස් බෑණා මුදල් ගෙවලා

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට බැදුම්කර වංචාවට සම්බන්ධ ඔහුගේ බෑණාවන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමෙන් ගෙවීම් සිදුකර ඇති බව රහස් පොලිසිය අද අධිකරණය හමුවේ අනාවරණ කළා.
ඒ සිද්ධියට අදාළ නඩු විභාගය අද කැදවූ අවස්ථාවේදීයි.
එහිදී රහස් පොලිසිය සදහන් කළේ අවස්ථා 3කදී පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ චෙක්පත් මගින් අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත වෙනුවෙන් ගෙවිය යුතුවූ රුපියල් ලක්ෂ 32ක මුදලක් ගෙවා දමා ඇති බවයි.
මේ අතර සිද්ධියට අදාළ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් හා ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 21වනදා තෙක් අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *