අර්බුධයට මුල කතානායකයි / එස් බී ගෙන් චෝදනා

පාර්ලිමේන්තුව තුල ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට කතානායකවරයා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.
පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කතානායකවරයා පාර්ලිමේන්තුවේ කටයුතු කළ ආකාරය පාර්ලිමේන්තුවේ ගරුත්වයටද හානිකර බවයි.
අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශයට ඡන්දයක් විමසීමට කථානායකවරයා විසින් උත්සහ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව ද ඔහු කියා සිටියා.
හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පසුගිදා ගත් තීරණ සියළු දෙනා පිළිගත් බවත් එයට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත නොගිය බවත් එස් බී දිසානායක මහතා මෙහිදී සදහන් කළා.