අරාබියේ ඇත්ත හෙළි කළ ජමාල්ගේ අවසන් තීරු ලිපිය

අරාබි ලෝකය තුල පවතින්නේ එකම එක නිදහස් රටක් පමණක් බව ඝාතනයට ලක්වූ , වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි සිය අවසන් තීරු ලිපියෙන්ද අනාවරණ කරනු ලැබ තිබෙනවා.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත පල කළ එම තීරු ලිපියේ දැක්වෙන්නේ අරාබි ලෝකයේ අනෙක් සියලුම රටවල් පූර්ණ වශයෙන් නිදහසක් නොමැති රටවල් බවයි.
මේ ඔහු සිය තීරුලිපියේ කොටසකින් ඒ බව දක්වා ඇති ආකාරයයි.

“මෑතකදී Freedom House විසින් ප්‍රකාශයට පත්කරන ලද “Freedom in the World” 2018 වාර්තාව මා විසින් අන්තර්ජාලයෙන් කියවීමෙන් බරපතල යතාර්ථයක් තේරුම් ගතිමි. එහි වර්ගීකරණයට අනුව “නිදහස්” රටක් ලෙස හඳුනා ගෙන ඇත්තේ අරාබි ලෝකයේ එකම එක රටකි. එනම් ටියුනීසියාව පමණි. ජෝර්දානය, මොරොක්කෝව සහ කුවේට් රාජ්‍ය එහි දෙවෙනි තැනට පත්ව තිබෙන්නේ “අඩක් නිදහස්” යන වර්ගීකරණය යටතේය. අරාබි ලෝකයේ අනෙක් සියලු රටවල් වර්ගීකරණය කොට ඇත්තේ “නිදහස් නොවන” රටවල් ලෙසය”

– ජමාල් කෂෝගී –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *