අලින්ගෙන් ජනතාව ඛේරන්න ගිය පොලිස් නිලධාරියකු මරුට

කහවත්ත පුරාණ විහාරස්ථානයේ සංවිධානය කර තිබූ පෙරහරකදී අලින් කිහිපදෙනකු කුලප්පුවීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි පොලිස් නිලධාරියකු මරණයට පත්ව තිඛෙනවා.
මේ අයුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩවලව පොලීසියට අනුයුක්තව රාජකාරී සිදු කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පේමරත්න (35348) නමැති පොලිස් කොස්තාපල්වරයෙකු බවයි පොලිසිය සදහන් කළේ.
මෙම පොලිස් කොස්තාපල්වරයා එම සිදුවීම අවස්ථාවේ ජනතාව ඛේරා ගැනීම සදහා කැපවී කටයුතු කර තිබූ අතර එහිදී ඔහු බරපතල තුවාල ලබා තිබුණා.
අනතුරුව දින 11ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි එම නිලධාරියා මරණයට පත්ව ඇත්තේ.
මෙම සිද්ධිය්දී තවත් 30 දෙනකු තුවාල ලබා තිබූ අතර ඒ අතරින් බහුතරයක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිඛෙනවා.