අලි ලැබුණේ නොමිලේ / කෝටි 27 චෝදනාවට දියවඩන නිලමේගෙන් පිළිතුරු

මියන්මාරයෙන්  ශ්‍රී දළදා මලිගාවට 2007 වසෙර්දී ඇතුන් දෙදෙනෙකු පරිත්‍යාග කළ බවත් ඒ සඳහා දළදා මාලිගාවේ අරමුදලින් රුපියලක් හෝ වැය නොකළ බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසනවා.
ඒ දළදා මාළිගාවට 2007 වසරේදී රුපියල් කෝටි 26 ක වියදමකින් අලියකු මිලදී ගැනීම සම්බන්ධ චෝදනාවන් පිළිබද අදහස් දක්වමින්.

2007 වසරේදී මියන්මාර රජය විසින් ශ්‍රී දළදා මාලිගාවට කයි මොන් ටොන් සහ මුවෙතෙකා වශයෙන් ඇතුන් දෙදෙනෙකු පරිත්‍යාග කරනු ලැබුවා. මේ ඇතුන් දෙදෙනා නොමිලයේ දළදා මාලිගාවට ලැබුණ පරිත්‍යාගයක්. මේ සඳහා අපි දළඳා මාලිගාවේ අරමුදලින් රුපියලක්වත් වැය කළේ නෑ.  ලෝකයේ ජාත්‍යන්තර සම්මුතීන් අනුව රටකින් රටකට, ප්‍රාන්තයකින් ප්‍රාන්තයකට සත්ත්වෝත්ද්‍යානයකින් සත්ත්වෝත්ද්‍යානකයකට හුවමාරු කර ගැනීමක් හෝ පරිත්‍යාගයක් ලෙස පමණයි අලි ඇතින් දිය හැක්කේ.

ඒ හරහා මනාව පිළිබිඹු වෙනවා ගනුදෙනුවක් කළ නොහැකි බව. මම වගකීමෙන් යුතුව ශ්‍රී දළදා මාලිගාවේ දිය වඩන නිලමේ හැටියට  ප්‍රකාශ කරනවා මිලදී ගැනීමට ශ්‍රී දළදා මාලිගාවේ අරමුදලින් රුපියලක්වත් වැය කර නොමැති බවට. නමුත් පරිත්‍යාගශීලීන් විසින් මෙම ඇතුන් දෙදෙනාට වටිනාකම් ඒ ලියැවිල්ලේ සටහන් කර තිබුණා.

ඒ ලියකියවිළි උපුටාගෙන මේ සඳහා  මුදල් වැය කර තිබෙනවා කියන දේ සමාජ ගත කිරීමට යම් පුද්ගලයන් ගත්ත උත්සාහක ප්‍රතිඵලයක් 2008 සිදු වුණා. එය නැවතත් ඉස්මතු වීමක් ලෙස මා සඳහන් කරන්න කැමතියි මේ දෙය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *