You are here
Home > උණුසුම් පුවත් > අලුගෝසු තනතුරට අයදුම්පත් කැදවීමට යයි

අලුගෝසු තනතුරට අයදුම්පත් කැදවීමට යයි

මරණ දඩුවම බලාත්මක කිරීමට තීරණය කර තිබුණද මේ වන විටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනුයුක්තව අලුගෝසුවකු නොමැතිවීම හේතුවෙන් ඒ සදහා ඉදිරියේදී අයදුම්පත් කැදවන බව බන්ධනාගාර දෙපාර්තමෙන්තුව පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මීට පෙර අලුගෝසු තනතුරට කිහිපදෙනකු බදවා ගත්තද විවිධ කරුණු මත ඔවුන් සේවය හැරගොස් ඇති බවයි.
පෝරකය සඳහා විශේෂයෙන් සකසන ලද කඹයක් ආනයනය කිරීමට 2013 වසරේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ අතර ඒ හේතුවෙන් මේ වන විට අලුගෝසු තනතුර පමණක් ගැටලුවක්ව පවතින බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව කඩිනමින් අයදුම්පත් කැදවා එම පුරප්පාඩුව වෙනුවෙන් සුදුස්සකු බදවා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
දැනට බන්ධනාගාරයේ සිටින මරණ දඬුවමට ලක්වූවන් අතර හිටපු දේශපාලනඥයින් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයින් ද වනවා.
එහෙත් මත්කුඩු හේතුවෙන් දේශපාලනඥයන්ට මෙතෙක් මරණ දඩුවම නියමවී නැහැ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top