අලුත්කඩේ ප්‍රදේශයෙන් හමුවූ මිනිස් හිසේ රහස හෙළිවෙයි

කොලඹ අලුත්කඩේ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අද අලුයම සොයාගත් පුද්ගල හිස කොටස මුල්ලේරියාවේ පදිංචිව සිටි පණ්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී යන පුද්ගලයාගේ බව අනාවරණවී තිඛෙනවා
පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ පෙබරවාරි 16 වනදා කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අබ්දුල් රහීම් මොහොමඩ් රිස්ඛාන් යන අය ඝාතනය කිරිමට අදාළ සිද්ධිය හා මෙම හිස කොටස හමුවීම අතර සම්බන්ධයක් ඇතැයි සැක පවතින බවයි.
ඒ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය හා කෙසෙල්වත්ත පොලීසිය පරීක්ෂණය පවත්වනවා.
මෙය සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රථිඵලයක් ලෙසයි විශ්වාස කෙරෙන්නේ.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22