අලුත්ගමගේ උසාවි නාවාට ඇපකරුවන් උසාවි කැදවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ  මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුගේ ඇප කරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය නියෝග කර තිඛෙනවා.
ඒ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැය කර කොළඹ කිංසි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළවයි.
එහිදී මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවාදායකයා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන බැවින් අධිකරණය හමුවට නොපැමිණි බවයි.
ඒ වෙනුවෙන් වෙනත් දිනයක් ලබා දෙන ලෙසද නීතීඥවරයා ඉල්ලා සිටියා.
එහිදී විනිසුරු ගිහාන් කුලතුංග  මහතා විමසා ඇත්තේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේ ද යන්නයි.
එහෙත් ඇපකරුවන් අද දිනයේ නොපැමිණි බවයි විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *