අලුත් අවුරුදු සමයේ අනතුරුවලින් දින 3ට 1021 ක් රෝහලේ

අලුත් අවුරුදු සමයේ දින 3ක් තුල ( අප්‍රේල් 13-15) විවිධ අනතුරුවලට ලක්වූ 1021 දෙනකු කොලඹ ජාතික රෝහලට හා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 4ක අඩුවීමක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කළ පිරිස -638
ඉන් නේවාසික රෝගීන් – 287
මහාමාර්ග අනතුරුවලින් 193
නිවසේදී සිදු වූ අනතුරුවලින් 63
වැටීම් වලින් 206
හිංසන ක්‍රියාවලින් 86

දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලට ඇතුලත් කළ පිරිස -383
මහාමාර්ග අනතුරුවලින් 55
නිවසේදී සිදු වූ අනතුරුවලින් 88
ගිනිකෙළි අනතුරුවලින් 2
වැටීම්වලින් 121
නේවාසික රෝගීන් 88