අවවාද නොතකා මුහුදු ගිය 3ක් සමග යාත්‍රාවක් අතුරුදන්

පනවා තිබූ අනතුරු ඇගවීම් නොතකා ධීවර කටයුතු සඳහා මුහුදු ගිය මුලතිව් පොලිස් වසමේ මුලතිව් නයාරු ප්‍රදේශයේ ධීවරයන් තිදෙනෙක් රැගත් බෝට්ටුවක් අතුරුදන් වී තිඛෙනවා.
මුලතිව් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ හලාවත බංගදෙනියේ පදිංචි මිල්රාජ් මිරෙන්ඩා (50) , එමානුවෙල් මිරෙන්ඩා (48), රදන් මිරෙන්ඩා (24) යන අය මෙසේ අතුරුදන්ව ඇති බවයි.අතුරුදන් පුද්ගලයන් සෙවීම සඳහා නාවික හමුදාවේ සහය ලබාදී තිඛෙනවා.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට මුහුදු යාමෙන් වළකින්නැයි උපදෙස් දී තිබු අතර මුහුද අවධානම් වන බවටයි එමගින් අනතුරු අගවා තිබුණේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.