You are here
Home > ක්‍රීඩා-පුවත් > අවසන් තරගයේදී ලංකාවට විශිෂ්ට ජයක්

අවසන් තරගයේදී ලංකාවට විශිෂ්ට ජයක්

දකුණු අප්‍රිකාවට එරෙහි 5 වන එක්දින තරගයෙන් ලකුණු 178 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ කොලඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිම ලකුණු 121කට සීමා කරමින්.
තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 තුල කඩුලු 8 ක් දැවී ලකුණු 299ක් රැස් කළා.
නායක ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 93 යි.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 43 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දුවාර 24 යි පන්දු 4කදී සියල්ලන් දැවී ලකුණු 121 යි.
ක්වින්ටන් ඩි කොක් ලකුණු 54 යි.
අතිල ධනංජය විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 29 කට කඩුලු 6ක් දවාගත්තා.
ලහිරු කුමාර කඩුලු 2 යි.
තරගයේ වීරයා සම්මානය හිමිවූයේ අකිල ධනංජයටයි.
තරගාවලිය 3 ට 2ක් ලෙස දකුණු අප්‍රිකාව ජයගත් අතර තරගාවලියේ වීරයා පෝල් ඩුමිනි.

Top