අවසානයේදී මහේන්ද්‍රන් පිළිගනියි

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සිදුවු 2015 වසර තුළදී සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් සියයට 90ක ලාභයක් උපයා ඇත්තේ තම බෑණාට අයත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බව මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අද පිළිගත්තා.
ඒ බැදුම්කර කොමිසම හමුවේදීයි.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ පැවැත්වු බැඳුම්කර වෙන්දේසි වලදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මෙලෙස ලාභ උපයා ඇති බවද අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පිළිගෙන තිඛෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහ බැංකුවේ හිටපු අධිපතිවරයා මෙම අනාවරණය සිදුකළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *