Press "Enter" to skip to content

අවුරුදු සමයේ අධිවේගය භාවිතා කිරීමේදී පරිස්සමින්


අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.හදිසි තිරිංග යෙදීම් හේතුවෙන් ඊයේ දිනයේදී අනතුරු කිහිපයක් වාර්තාවී තිබීමයි මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ.

අලුත් අවුරුද්දේ ගම්බිම් බලා යන සියලුදෙනාට පහසුවෙන් තම ගමනාන්ත වලට ළඟාවීමට හැකි වන ලෙස අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවද ඕපනායක මහතා කියා සිටියා.

ඉදිරි දින කිහිපයේදී අධිවේගී මාර්ගය භාවිත කිරීම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බැවින් රථ වාහන තදබදයක් ඇති නොවන ආකාරයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු සදහන් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න