Press "Enter" to skip to content

අවුරුදු සමයේ හදිසි අනතුරු වැඩිවෙයි


අවුරුදු සමයේ සිදුවූ හදිසි අනතුරු ප්‍රමාණය පෙර වසරවලට සාපේක්ෂව ඉහළ ගොස් තිඛෙනවා.

ඊයේ සහ පෙරේදා දින දෙකෙහි හදිසි අනතුරු වලට ලක්වූවන් 413 දෙනෙකු ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික රෝහලට පැමිණ බවයි හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ ප‍්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය ප‍්‍රකාශ කළේ. ඉන් 203 දෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 15%ක වැඩිවීමක්. හදිසි අනතුරු වලට ලක්ව පැමිණි පිරිස ද පසුගිය වර්ෂයට සාපේක්ෂව 8 %කින් ඉහළ ගොස් තිබෙනවා.

නිවසේදී සිදුවූ අනතුරු සංඛ්‍යාව 49 ක්. එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 22% ක වැඩිවීමක්. වැටීම් 129 ක් වාර්තාවූ බවයි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය සඳහන් කළේ. එය 13% ක ඉහළ යාමක්. මෙවර පසුගිය වර්ෂයට සාපේක්ෂව ගිනිකෙළි අනතුරු ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ ජාතික රෝහලට ඇතුලත් වුණේ ගිනිකෙළි අනතුරට ලක්වූවන් එක් අයෙකු පමණයි. එහෙත් මේ වසරේදී හය දෙනෙකු ඇතුලත්වී තිබෙනවා.

මේ වසරේ හිංසන කි‍්‍රයා හේතුවෙන් 36 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා. එය පසුගිය වසරට වඩා  35 %ක අඩුවීමක් බවයි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය ප‍්‍රකාශ කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න