You are here
Home > ගොසිප් > අවුරුදු 92ක් වන මැලේසියාවේ පියා අද යළිත් අගමැති පුටුවට

අවුරුදු 92ක් වන මැලේසියාවේ පියා අද යළිත් අගමැති පුටුවට

නූතන මැලේසියාවේ පියා ලෙස හදුන්වන 92 වන වියේ පසුවන මහතීර් මොහොමඩ් මහතා අද යළිත් වරක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනවා.
ඒ ලොව වයස්ගතම රාජ්‍ය නායකයා බවට පත්වෙමින් ලෝක වාර්තාවක්ද පිහිටුවමිනුයි.
1981 වසරේදී මලයාසියානු අගමැතිධූරයට පත්වූ මහතීර් මොහොමඩ් මහතා 2003 වසර තෙක් එරට පාලනය කළ අතර එම සමයේදී මලයාසියාව සංවර්ධිත රටක් බවට පත් කිරීමටයි ඔහු සමත්වුණේ.
2003 වසරේදී දේශපාලනයෙන් සමුගත් ඔහු ජනතාවගේ ඉල්ලීම මත පසුගියදා මැතිවරණයට ඉදිරිපත්ව තිබුණේ එරට තුල නීතියේ ආධිපත්‍යය / ප්‍රජාතන්ත්‍රවාදය හා සාධාරණත්වය අහිමිව ඇතැයි එල්ලවූ චෝදනා සමගයි.
ඒ අනුව මලයාසියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 222කින් 113ක් ලබා ගැනීමටයි මහතීර් මොහොමඩ් මහතාගේ පක්ෂ්‍ය සමත්වූයේ.
ඒ එරට අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතාගේ පක්ෂයට ආසන 79 ක් පමණක් හිමිවූ තත්ත්වයක් තුලයි.
ඒ අනුව මලායාසියාව දියුණු රටක් බවට පත් කළ අයුරින්ම ඉතා කෙටි කාලයක් තුල යළිත් එරට නීතියේ ආධිපත්‍යය සාධාරණත්වය තහවුරු කරන බවයි නජීබ් රසාක් මහතා අවධාරණය කරන්නේ.
මේ අතර හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා පවසන්නේ ජනතාව ලබාදුන් දඩුවමට හිස නමා පරාජය පිළිගන්නා බවයි. Image result for Mahathir Mohamad


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top