ආණ්ඩුව තෙල් මාෆියාවට හසුවෙලා / ඒකාබද්ධය කියයි

රජය ඉන්දීය තෙල් මාෆියාවට හසුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා.
බත්තරමුල්ල  නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.
මේ අතර තෙල් මිලදී ගැනීමේදී ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධ වූ  ටෙන්ඩර් වංචාවක් සිදුව ඇති බවටද ඔහු චෝදනා එල්ල කළා.
ඉන්ධන මිලදී ගැනීමේදී සමාගම්වලින් මිල ගණන් කැදවූයේද නැත්ද යන්න පිළිබද ඉදිරියේදී අනාවරණ කරන බවයි ඔහු සදහන් කළේ.