ආණ්ඩුව රට ණය අර්බුධයක දාලා / මහින්දගෙන් නිවේදනයක්

වත්මන් ආණ්ඩුව විසින් රට ණය අර්බුධයකට ලක් කර ඇති බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ එම නිවේදනයයි.

පාර්ලිමේන්තුවෙන් වසරක් පාසා පනවන ණය ගැනීමේ සීමාව ඉක්මවාවිධායකයට  වෙනමරුපියල් ට්‍රිලියනයක (එනම් බිලියන දහසකණය දේශීය හෝ විදේශීය මූලාශ්‍ර වලින් ලබාගැනීමට හැකිවන පරිදි නව නීතියක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුව “සක්‍රීය බැරකම්කළමනාකරණය කිරීම” යන මැයෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇතයහපාලන ආණ්ඩුව මුලසිටම ණය ගැනීම් සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේඅතිශයින්ම වගකීම් විරහිත ක්‍රියා කලාපයකිඋදාහරණයක් වශයෙන් මගේ ආණ්ඩුව යටතේශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ අවුරුද්දකට දෙවතාවකිලංකාව නිදහසලැබූ දායින් පසු මෙරටේ ක්‍රියාත්මක වූ විශාලම සංවර්ධන ව්‍යාපෘති මධ්‍යයේ වුවත්එමඟින්මගේ ආණ්ඩුව වසරකට ගනු ලැබූ සාමාන්‍ය ණය ප්‍රමාණය .ඩොමිලියන 350 ඉක්මවූයේනැතනමුත් 2015 වසරේදී එවැනි කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නොමැතිවයහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධනබැඳුම්කර නව වතාවකදී නිකුත් කරන ලදී. 2016 දී හය වතාවකද, 2017 දී සිව් වතාවකද මේ බැඳුම්කර යහපාලනආණ්ඩුව විසින් නිකුත් කර ඇති අතර පසුගිය වසර තුන ඇතුලත මේ මූලාශ්‍රයෙන් පමණක් .ඩොබිලියන 7.7 ක් ණයටගෙන ඇත.

එයට අමතරව පසුගිය වසර තුන ඇතුළත මේ ආණ්ඩුව සවරින් බොන්ඩ්කරන්සි ස්වොප්සින්ඩ්කේටඩ් ලෝන් හාජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වශයෙන් තවත් .ඩොබිලියන 9ක් ණයට ගෙන ඇතඑවිට යහපාලන ආණ්ඩුවබලයට පැමැණි පසු ගත් විදේශ විනිමය ණය පමණක් .ඩොබිලියන 16.7 ක් වේමේ කාල පරිච්ඡේදය තුළ ඔවුන්රුපියල් ණයද ට්‍රිල්යන 6ක් වැනි ප්‍රමාණයක් ලබාගෙන ඇතමේ ණය කන්දරාව තුළ වූ ඉන්දියානු කරන්සි ස්වොප් ණයකෙටි කාලීන ශ්‍රී  ලංකා සංවර්ධන බැඳුම්කරහා රුපියල් බැඳුම්කර හා බිල්පත් වලින් කොටසක් දැනටම ගෙවා නිමකරතිබුණද මේ ආණ්ඩුව බලයට පැමිණි මුල් වසරේ සිටම ණය ගැනීමණය ගෙවීමහා ණය ගෙවීමට ණය ගැනීම යන එන්නඑන්ම වේගවත් වන විෂම චක්‍රයකට හසු වී සිටීමගේ ආණ්ඩුව අවසානයේදීඑනම් 2014 දෙසැම්බරයේදී  71% ක් වූ දලජාතික නිශ්පාදිතයට සාපේක්‍ෂ ණය ප්‍රතිශතය, 2015 අවසන් වන විට මාස 12 ක් වැනි කෙටි කාලයක් ඇතුළත 81% දක්වාවැඩි වී තිබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අංක 16/371 දරණ වාර්තාවේ සඳහන්ය. 2017 අවසන්  වන විට මේප්‍රතිශතය 90%  ආසන්න වෙන තරමට වැඩි වී ඇති බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකුඇස්තමේන්තු කර ඇත.

යහපාලන ආණ්ඩුවේ මේ මහා පරිමාන ණය ගැනීම ආරම්භ වූයේ 2015 ජනාධිපතිවරණය ඔවුන් කුමන්ත්‍රණකාරී ලෙසජයගත් පසුඑම වසරේ පාර්ලිමේන්තු  මැතිවරණය ජයගැනීම සඳහා ලබාදුන් විශේෂ දීමනා හා ඉන්ධනගෑස් හා වෙනත්පාරිබෝගික භාණ්ඩවල මිල අඩු කිරීම නිසා ආණ්ඩුවේ වියදම් පාලනය කරගත නොහැකි ලෙස වැඩි වීම හේතුවෙනිමගේආණ්ඩුවෙන් නොයෙක් සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට මේ ණය ගැනීමට සිදු වී තිබෙන බවටයහපාලන  ආණ්ඩුව කීවත් එය සම්පූර්ණ මුසාවකිමගේ ආණ්ඩුවෙන් ඉදි කරන ලද නොරොච්චෝලේ බලාගාරයදක්‍ෂිණඅධිවේගී මාර්ගයහම්බන්තොට වරායකොළඹ – කටුණායක අධිවේගී මාර්ගය හා මත්තල ගුවන්තොටුපල යන සියල්ලසඳහා වැය වූ මුලු වියදම .ඩොබිලියන 3.9 ක් වත් වන්නේ නැතඑපමණක්ද නොව මේ සියලුම ණය ඉතා සහනදායිපොලියකට ගෙන තිබෙන දිගු කාලීන ණය නිසා ඒවා ගෙවීම කිසිසේත්ම ආර්ථිකයට බරක් නොවීය.

පසුගිය ජනවාරි 26 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් අමතමින් මගේ ආණ්ඩුව කාලයේරුපියල් ට්‍රිලියන 10  ණය ගෙන තිබුණත් එයට අදාල වත්කම් ඇත්තේ රුපියල් ට්‍රිලියන 1.1 ක් පමණක් බවත්ඉතිරිට්‍රිලියන 9යට සිදු වූ දෙයක් නැති බව පවසා සිටියේයඉන්පසුවපලාත් පාලන මැතිවරණයේ ඡන්ද ව්‍යාපාරය අවසන් වීමටනියමිතව තිබුණු පෙබරවාරි 7 වනදා විගණකාධිපතිවරයා එක්වරම මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ පසුගිය වසර10 ඇතුළත ගෙන තිබෙන ණය රජයට අයත් වානිජ ව්‍යාපාර හා වෙනත් රජයේ ආයතන වලට බැර කිරීම වැනි උපක්‍රමතුළින් තැන් තැන් වල ‘සඟවා’ තිබීම හේතුවෙන් මේ වන විට ලංකාවේ සැබෑ ණය බර කුමක්දැයි කිසිවෙකුටත් කිවනොහැකි බවයිශ්‍රී ලංකාවේ වත්මන් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 10 ක් වුවත්ලේඛන වල සඳහන් වන්නේ රුපියල්ට්‍රිලියන 1.1  වත්කම් ප්‍රමාණයක් පමණක් බවත් ඔහුද කියා සිටියේයආණ්ඩුව පලාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේඅවසන් මොහොතේදී ඡන්ද ප්‍රතිපලය වෙනස් කිරීම අරමුණු කරගෙන කුමක් හෝ උප්පරවැට්ටියක් යොදන බව සියලුදෙනාම දැනගෙන සිටයේය.  මෙවර ඡන්ද දායකයා නොමඟ හැරීම  ඉලක්ක කරගත්  ‘ගුන්ඩුව’ ආවේ මේ ණය හාවත්කම් පිළිබඳ කතාව හරහාය.

අපේ ව්‍යවස්ථාවේ 154 වන වගන්තියෙන්  විගණකාධිපතිවරයාට පවරා ඇති රාජකාරිය වන්නේ මධ්‍යම ආණ්ඩුවේ සියලුමආයතනත්සියලුම පලාත් සභාත්සියලුම් පලාත් පාලන ආයතනත්රජයට 50%කට වඩා කොටස් හිමිකාරිත්වයක් ඇතිවානිජ ව්‍යාපාර සියල්ලමත් විගණනය කිරීමයිඑම නිසා මධ්‍යම ආණ්ඩුවට හා මේ එක් එක් ආයතන වලට ඇති ණයප්‍රමාණය කුමක්දැයි තමන් නොදන්නා බව විගණකාධිපතිවරයාට කිසිසේත්ම කිව නොහැකියඅපේ රටේ ණය ප්‍රමාණයරුපියල් ට්‍රිලියන 10ක් වන අතර වත්කම් ඇත්තේ රුපියල් ට්‍රිලියන 1.1 ක් යැයි කීම ඊටත් වඩා නොමඟ යවන සුලුප්‍රකාශයකිශ්‍රී ලංකාවේ රාජ්‍ය ගිණුම් සකසනු ලබන්නේ ‘මොඩිෆයිඩ් කෑෂ් බේසිස්’ යන ගිණුම්කරන ක්‍රමයට අනුවයමෙයජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින්ද පිලිගනු ලබයිමේ ගිණුම්කරනක්‍රමය යටතේ ලැබීම් සහ ගෙවීම් ලේඛණගත කරන අතර ශේෂ පත්‍රය හෝ රාජ්‍යයක වත්කම් ගණනය කිරීම

අවධාරණය කරන්නේ නැතවත්කම් ගණනය කිරීම අවධාරණය කරන ‘අකෘවල්ස් අකවුන්ටින් සිස්ටම්’ යන ගිණුම්කරනක්‍රමය රාජ්‍ය ගිණුම් සැකසීමේදී අපේ රටේ භාවිතා වන්නේ නැත.

අද මේ රටේ ඉහළ තනතුරු වලට පත්වීම් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සිටින යහපාලනවාදීන් 10 දෙනාගේනිර්දේශය මත යහපාලන ජනාධිපතිවරයා විසිනිඡන්දයක් අභිමුව විගණකාධිපතිවරයා  ආකාරයට හැසිරුණේ මන්දැයිඑයින් පැහැදිලි වෙනු ඇතවිගණකාධිපතිවරයා තමාගේ වගකීම් විරහිත ප්‍රකාශයෙන් එම තනතුරේ පසුගිය අවුරුදු 10 මුලුල්ලේම සිටි විගණකාධිපතිවරුන්ගේ විගණන ජනතාව ඉදිරියේ හෙලා දැක ඇතඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසු ශ්‍රීලංකා මහ බැංකුවට වහාම ක්‍රියාත්මක වීවිගණකාධිපතිවරයාගේ ප්‍රකාශය සාවද්‍ය බවත්ලංකාවේ ණය ඉතා නිවැරදිවලේඛනගත වී ඇති බවත්මේ ණය කලට වෙලාවට ගෙවීම සම්බන්දයෙන් ශ්‍රී ලංකාවට සුපිරිසිදු වාර්ථාවක් තිබෙන බවත්පෙන්වා දෙමින් මූල්‍ය වෙළඳපල අස්ථාවරවීම වැලැක්වීමට කටයුතු කිරීමට සිදුවිය.

යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ ණය ගැනීමේ වියරුව තවත් ඉහල අඩියකට ගෙනයාම සඳහා මෙකී ‘සක්‍රීය බැරකම්කළමණාකරනය කිරීමේ’ පනත් කෙටුම්පත ඉදිරිපත් කොට තිබෙන්නේ මේ සියලුම විකාර ස්වරූපී සිදුවීම් මධ්‍යයේයමේයෝජිත නීතියෙන්පාර්ලිමේන්තුවේ මුදල් පිළිබද බලතල වලටත්රාජ්‍ය ණය කළමණාකරනය සම්බන්ධයෙන් මහබැංකුවට ඇති බලතල වලටත්බරපතල අභියෝග එල්ල වෙන බවත්මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතාකිරීම සම්බන්ධයෙන් විධායකයට කිසිදු නීතිමය සීමාවකින් තොරව බලය ලැබෙන බවටත් කරුණු දක්වමින් බන්දුලගුණවර්ධන මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.

මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කරන ආකාරය ගැන විෂය භාර ඇමතිවරයා ගන්නා තීරණමාස තුනක්ඇතුලත නීති ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම ප්‍රතික්‍ෂේප කළත්අදාල තීන්දුව ගැනීමත්පාර්ලිමේන්තුව  විසින් එය ප්‍රතික්‍ෂේප කිරීමත් යන කාලය අතර සිදුකෙරෙන සියලු ක්‍රියාවන් නීත්‍යානුකූල වෙන බවට මේ යෝජිත පනතේවගන්තියක් ඇතඑපමණක්ද නොවයෝජිත නිතිය යටතේ ගන්නා ණය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්, (සද්භාවය ඔප්පු කිරීමේ කොන්දේසියට යටත්ව ) සිවිල් හා අපරාධ වගකීම් වලින් සම්පූර්ණයෙන්ම මුක්ත කර තිබේ

මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී දැනටමත් සිදු වී ඇති අක්‍රමකතා නිසාඉහත දැක් වූ ආකාරයේ විධිවිධාන වලින්ඇතිවිය හැකි භයානක ආනිසංස ගැන අමුතුවෙන් කිව යුතු නැතඑමනිසා ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් මේ යෝජිතසක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ නීතියට එකහෙළාම එරෙහි විය යුතුය.