ආධුනික අයිස්ලන්තය හමුවේ ආර්ජන්ටිනාව සමවෙයි -ගෝල 1 ට 1 යි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආර්ජන්ටිනාව හා අයිස්ලන්තය අතර 6 වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ ගෝල 1 ට 1ක් ලෙසයි.
තරගයේ 19 වන මිනිත්තුවේදී ආර්ජන්ටිනාව සිය ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ මංගල ගෝලය වාර්තා කළා.
23 වන මිනිත්තුවේදීයි අයිස්ලන්තයෙන් ගෝලයක් වාර්තාවුණේ.
මෙය 1990 වසරෙන් පසු ආර්ජන්ටිනාව ලෝක කුසාලන පාපන්දු තරගාවලියක පලමු තරගය ජය නොගත් මුල්ම අවස්ථාවයි.
එසේම පලමුවරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට ක්‍රීඩා කරන අයිස්ලන්තය පලමු තරගය පරාජය නොවුණු කණ්ඩායම් අතරට එක්ව සිටිනවා.
2002 වසරේදී අවසන් වරට එවන් දස්කමක් දක්වා තිබුණේ සෙනගාල් කණ්ඩායමයි.