ආපදා මරණ 12යි / 124,000 කට පීඩා

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 31,822 කට අයත් පුද්ගලයින් 124,733 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අතරින් පවුල් 11,723කට අයත් පුද්ගලයින් 44,745ක් සුබසාධන මධ්‍යස්ථානවල රදවා සිටින බවයි එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ.
දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේවන විට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.