ආපදා මරණ 19 යි / දෙදනකු තවමත් අතුරුදන්

ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තාවන පුද්ගල මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ මේ දක්වා පුද්ගලයින් දෙදනකු අතුරුදන්ව සිටින බවයි.
දිස්ත්‍රික්ක 18 කට බලපෑ ආපදා තත්ත්වයෙන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්වුණා.
කෙසේ වෙතත් මේ වන විට ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින අතර තවදුරටත් සහන සැපයීමේ මෙහෙයුම් සිදුකරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.