You are here
Home > ආසන්න-පුවත් > ආපදා මෙහෙයුම් අතරතුර දිවිපිදු පොලිස් නිලධාරියාට උසස්වීමක්

ආපදා මෙහෙයුම් අතරතුර දිවිපිදු පොලිස් නිලධාරියාට උසස්වීමක්

මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේදී සැඩ පහරකට හසුවූ පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුමක් අතරතුරදී දියේ ගිලී මරණයට පත්වූ මාදම්පේ පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල් දසනායක පතිරැන්නැලාගේ ඩිලාන් සම්පත් මහතාට උසස්වීමක් පිරිනමා තිබෙනවා.
ඒ පොලිස්පතිවරයා විසින්.
පොලිස් මුලස්ථානය සදහන් කළේ මරණයට පත්වූ පොලිස් කොස්තාපල්වරයා සරයන් තනතුරට උසස් කර ඇති බවයි.
ඒ ඔහු සිය ජීවිතය අවධානමකට ලක් කර ගනිමින් සිදුකළ වීර ක්‍රියාව හේතුවෙනුයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top