ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ඇප

හිටපු නාවික   හමුදාපති  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි.

ලක්ෂ  10 ක ශරීර ඇප දෙකක් මත  විජේගුණරත්න මහතා මුදා හැරීමට  මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා.

ඇප මත සිටියදී විමර්ෂණවලට බාධා නොවන ආකාරයෙන් හැසිරෙන ලෙස හා ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි’ යන’ නිලධාරීයාට බලපෑම් නොකළ යුතු බවටද මෙහිදී අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබුණා.

දැනුම්දෙන ඕනෑම අවස්ථාවකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත්  යම් හෙයකින් ඇප කොන්දේසි කඩ කළහොත් ඇප කොන්දේසි අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබෙනවා.

පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව එහි දෙවන සැකකරු ලෙසයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා නම් කර ඇත්තේ.