ආර්ථිකය අවධානමේ / රුපියල ඉතිහාසයේ දරුණුම කඩා වැඩීමට ලක්වෙලා

මෙරට ඉතිහාසයේ වාර්තාවූ රුපියල අවප්‍රමාණයේ ඉහලම අගය ඊයේ දිනයේදී වාර්තාවුණා.
ඒ අනුව ඊයේ දිනයේ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය රුපියල් 157.14ක් වූ අතර ගැනුම් අගය රුපියල් 153.36ක් ලෙසයි සදහන් වුණේ.
පවත්නා අස්ථාවර දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණයවී ඇති බවයි ප්‍රකාශ වන්නේ.
මේ හේතුනේ කොටස් වෙළෙඳපොළ මිල ගණන් අවස්ථා කිහිපයකදීම පහත වැටුණු අතර ආයෝජකයන්ගේ විශ්වාසයද දැඩිව පළුදු වී පවතිනවා.
දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමකට පත්ව තිබෙන රොයිටර් පුවත් සේවය ද අවස්ථා කිහිපයකදීම වාර්තා කර තිබුණා.
වර්තාමනයේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවර සහ අර්බුදකාරී තත්ත්වය කඩිනමින් අවසන් කළ යුතු බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී අවධාරණය කකළේ.
පවත්නා තත්ත්වය තුල ආර්ථිකය දැඩි අවධානමකට පත්වනු ඇති බවයි අනාවැකි පලවන්නේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.