You are here
Home > ආසන්න-පුවත් > ආවා කල්ලියේ ලොක්කා බෙල්ලෙන්ම අහුවෙලා

ආවා කල්ලියේ ලොක්කා බෙල්ලෙන්ම අහුවෙලා

යාපනයේ ක්‍රියාත්මක වූ ”ආවා ගෲප්” කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන ”සනා අන්නා” හෙවත් ”සානා” යාපනයේ මනිපායි පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනයේ ආනේකෝට්ටේ ප්‍රදේශයේ නිවසක අදාල සැකකරු සැගවී සිටින බවට යාපනයේ මනිපායි පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ 25 දා රාත්‍රියේයි.
මෙම ”සනා අන්නා” නැමති අය යාපනයේ ”ආවා ගෲප්” කල්ලිය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේදී යාපනයේ පුද්ගලයින් පස් දෙනෙකුව කඩු වලින් කපා කොටා තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව වසරක සිරදඩුවමක් නියම වී බන්ධනාගාර ගත වී ආපසු පැමිණි අයෙකි.
පොලීසිය පවසන්නේ මොහු බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි පසුව යලිත් යාපනයේ ක්‍රියාත්මක වූ ”ආවා ගෲප්” කල්ලියට නායකත්වය දෙන බවට තොරතුරු ලැබී තිබුණද ඔහු සිටින තැනක් සොයා ගැනීමට නොහැකි වූ බවයි.
සැකකරුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව යාපනය දිසා අධිකරනයට ඉදිරිපත් කිරීමට මනිපායි හා යාපනය පොලීසි පියවර ගෙන තිබෙනවා.

Top